රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

September 1, 2025   10:38 am

රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 05ක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්ෂයක මුදලක්ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

ඇඳුම් නිෂ්පාදනය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සිදු කරන මුවාවෙන් පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ජාවාරමක් සිදු කරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන ප්‍රදේශයේ රුපියල් 30,000ක මාසික කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම ජාවාරම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නිවස පරික්ෂා කිරීමේදී එහි සිටි තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි අල්මාරියක් තුළ සඟවා තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකක පැකට්ටුවක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.