ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන තවත් ඉහළට
September 1, 2025 02:27 pm
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවන බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවය.
ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබේ.
ඒ එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට පමණ.
පොලෝ මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ ඇති වූ මේ භූකම්පනයෙන් නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබුණි.
භූකම්පනයේ වැඩිම බලපෑමට ලක්වූ කුනාල් කලාපයේ සුන්බුන් අතර සිරවී සිටින සිය ගණන් පිරිස මුදාගැනීමට තලේබාන් පරිපාලනය දැඩි වෙහෙසක් ගනිමින් සිටී.
බලධාරීන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මරණ ගණන ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවය.
අනතුරට මුහුණදුන් කුනාර් ප්‍රාන්තයේ ජනාවාසවලින් සියයට 90ක්ම කඳුකරයේ පිහිටා තිබීමත්, භූකම්පනයෙන් හටගත් නායයාම්වලින් නිවාස සහ මාර්ග පස්වලින් යටවී තිබීමත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ වී ඇති බව වාර්තා වවෙයි.
මේ අතර විපතට පත්වූවන්ට සහන සැපයීමට ඉදිරිපත්වන ලෙස තලේබාන් රජය දෙස් විදෙස් රජයන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීම් කර ඇති අතර, සෞඛ්‍ය සේවා කඩිනම් කිරීමට හෙලිකොප්ටර් යානා පවා යොදවා තිබේ.