බස් ගාස්තුවල වෙනසක් නෑ
September 1, 2025 11:07 am
ඉන්ධන මිල සංශෝධනය වූවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළේ ප්‍රමාණවත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවේය.
ඒ අනුව රුපියල් 305ක මිලකට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 299කි.
රුපියල් 289ක මිලකට පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 283ක් වේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325ක මිලකට පැවති අතර එය රුපියල් 12කින් පහත දමා තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 313කි.
කෙසේවෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.
මේ අතර ඉන්ධන මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේය.