බොරලැස්ගමුවේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
August 25, 2025 07:32 am
බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනි බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංගීත ප්‍රසංගයක් නිමවී පාගමනින් පැමිණි පිරිසකට ඊයේ (24) අලුයම් කාලයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති අතර එහිදී 21 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) දිනයේදී දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.