රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

August 25, 2025   02:48 pm

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.