ආසියානු කුසලානයට යන පාකිස්තානු සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානයට යන පාකිස්තානු සංචිතය නම් කෙරේ

August 17, 2025   02:45 pm

එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (17) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළේය.

සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර තිබේ.

කෙසේ නමුත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත්කර ඇත.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 9වනදා ආරම්භ වන අතර, එම තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම එරටදී තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට නියමිතය.

ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර සාජාහිදී එම තරගාවලිය පැවැත්වේ.

ආසියානු කුසලානයට නම්කළ පාකිස්තාන සංචිතය

සල්මන් ආගා (නායක), අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර්
සමාන්, හාරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හාරිස් (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්