වනඅලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

වනඅලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

August 17, 2025   04:27 pm

අඹන්පොළ ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා වනඅලි ප්‍රහාරයෙන් පසුව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා තම ඉඩමට පැමිණි වනඅලියකු පලවාහැරීමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අඹන්පොල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.