චීන විදේශ ඇමතිගේ ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි ?
සයුරෙන් එතෙර

චීන විදේශ ඇමතිගේ ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි ?

August 15, 2025   09:49 am

චීන විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවීමට චීන විදේශ අමාත්‍යවරයා එලෙස ඉන්දියාවට පැමිණෙන බවය.

එම හමුව අගෝස්තු 18 වනදා නවදිල්ලියේදී සිදුවනු ඇතැයි ද පැවසෙයි.

මේ අතර චීනය ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශ්වය විවිධ මට්ටමින් සාකච්ඡාවල නිරතවී සිටින බවය.

කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සමග අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බවත් චීනය පවසයි.

දෙරටේ නායකයින් අතර ඇති කරගත් පොදු අවබෝධය මත ක්‍රියා කිරීම, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, චීන-ඉන්දියා සබඳතාවල තිරසාර, ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව කටයුතු කිරීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත් චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය මෙතෙක් කිසිඳු පාර්ශ්වයක්  නිල වශයෙන් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.