වන්දනා නඩයක් රැගෙන ගිය බස් රථය අනතුරක - පිරිසක් රෝහලට

වන්දනා නඩයක් රැගෙන ගිය බස් රථය අනතුරක - පිරිසක් රෝහලට

August 15, 2025   09:24 am

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක්  අනතුරට ලක්ව තිබේ.

වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

බස් රථයේ 30ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, එයින් 7 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බව පොලීසිය පැවසීය.

බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරුට බසය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව තිබුණි.