වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
August 8, 2025 07:07 pm
වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබේ.
මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්ව තිබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය සොහොයුරා සමඟ ඔහු මෙම ප්‍රදේශයේ අශ්වයෙකු පිට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවය.
ඔහුව සොයා මෙහෙයුම් දියත් කළත් මළ සිරුර හෝ සොයා ගැනීමට නොහැකි වූ බව මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මළසිරුරට හෝ ඇඳුම්වලට කිසිඳු හානියක් නොවී නොවෙනස්ව තිබීමත් විශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සඳහන් කළේ ශරීරයක් ග්ලැසියරයකට වැටෙන විට, අධික සීතල එය වේගයෙන් කැටි කර, දිරාපත්වීමේ ක්‍රියාවලිය නතර කරන බවයි.