මාරක අනතුරක් - දෙදරු පියා මරුට

මාරක අනතුරක් - දෙදරු පියා මරුට

August 8, 2025   09:47 am

අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබු කාන්තාව මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරින් මියගොස් ඇත්තේ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔල්වින් ඉංද්‍රසිරි නමැති 75 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් හොරණ ප්‍රදේශයේ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ඇති අතර සිද්ධියෙන් පසු තුවාල ලැබු අඹුසැමි යුවළ හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවු මොහොතේ වෑන් රථය මියගිය පුද්ගලයා සමග මීටර් 32ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර, අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.