අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
August 8, 2025 07:26 am
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේය.
මේ අතර, හෙට (09) දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට, සවස 4.42ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගෙවැදීමට නියමිතය.
මේ අතර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතිබව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟපෙන්වීම හා රථ වාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ දියත් කර ඇත.
අදාළ රථවාහන සැලැස්ම පිළිබඳ පොලීසිය නිකුත්කළ නිවේදනය පහතින්.
Media on 2025.08.07 at 1505 දළදා පෙරහර සිව්වන රන්දෝලි පෙරහර by poornima on Scribd