5වන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්

5වන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්

August 4, 2025   04:40 pm

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව 5වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු  6ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (4) සමත් විය.

මෙහිදී ආබාධයකට ලක්ව සිටින ක්‍රිස් වෝක්ස් පන්දුවට පහරදීම සඳහා පැමිණීම අද තරගයේ විශේෂ සිදුවීමක් විය.

ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 374ක ඉලක්කය එංගලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 367ක් පමණි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 224/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 247/10කට දැවී ගියේය.

ඒ අනුව ලකුණු 23ක් පසුපසින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව එවර ලකුණු 396කට දැවීගියේය.

කෙසේ නමුත් මෙහිදී ඔවුන්ට එංගලන්තයට ලබාදීමට හැකිවූයේ ලකුණු 374ක ඉලක්කයක් පමණි.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් හැරී බෘෘක්  ලකුණු 111ක් රැස්කළ අතර ජෝ රූට්  ලකුණු 105ක් රැස්කළේය.