සයුරෙන් එතෙර
තායිවානයේ දකුණු දිග කලාපයේ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට
August 4, 2025 05:19 pm
තායිවානයේ දකුණු දිග කලාපයට පසුගිය ගෙවුණු සති කිහිපය තුළ ධාරාණිපාත වැසි තත්ත්වයක් ඇද හැලීමෙන් එම කලාපය තුළ නාය යාම් මෙන්ම ජල ගැලීම්ද ඇතිව තිබේ.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මතුව ඇති ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවය.
තායිවාන ජල ගැලීම් හේතුවෙන් එරට අවධානම් කලාපවල සිටින 6,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කිරීමටද බළධාරීන් පියවර ගෙන තිබේ.
ජල ගැලීම් හේතුවෙන් සහ වෙනත් ආපදාවෙන් මියගොස් සිටි පිරිසට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකුද අතුරුදන්ව ඇති අතර ආපදාවෙන් මේ වන විට අතුරුදන් වූ පිරිස 77ක් බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම ගෙවුණු දින කිහිපය තුළ එරට කඳුකර කලාපවලට මීටර් 2.6ක් තරම් වූ වර්ෂාපතනයක් පතිත වී ඇති බවත් තායිවාන බලධාරීන්ට අනුව එම කලාපවලට බලපාන වාර්ශික වර්ෂාපතන සාමාන්‍ය අගය මීටර් 2.1ක් තරම් ද වේ.
ඒ අනුව මෙවර තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක් බවද එරට බලධාරීන් පවසා තිබේ.