දිවයිනම ආවරණය කරමින් පොලීසියෙන් විශේෂ සොදිසි මෙහෙයුමක්
August 4, 2025 04:52 pm
අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැක කටයුතු පුද්ගලයින් හා රථවාහන සම්බන්ධව සිදුකරන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (03) දිනයේද පැවැත්විණි.
රට තුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව දෛනිකව සිදුකරමින් පවතී.
ඒ අනුව ඊයේ දිනය පුරාවට සිදුකරන ලද මෙහෙයුම් තුළින් පුද්ගලයින් 25,870, වාහන 10,423ක් යතුරුපැදි 7,846ක ප්‍රමාණක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 371ක් දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම මෙහෙයුම් තුළදී දේශීව නිෂ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
තවද මෙහෙයුම් අතරතුරදී බීමත් රියදුරන් 110ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එමෙන්ම අපරීක්ෂාකාරි රිය ධාවනය ඇතුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,202කටද නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.