ගම්පහ - කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී
August 4, 2025 08:36 am
ගම්පහ බස් නැවතුම්පළේ සිට ධාවනයේ යෙදෙන ගම්පහ - කොළඹ ඇතුළු ගමනාන්ත කිහිපයක පෞද්ගලික බස් රථ රියදුරන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.
ගම්පහ නගරයේ ස්ථාන කිහිපයකින් මගීන් නංවා ගැනීමට අවසර ලබා නොදීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කළ බව ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
ඒ අනුව ගම්පහ සිට කොළඹ, කඩුවෙල, පූගොඩ, යාගොඩ සහ කිරිදිවැල ඇතුළු තවත් මාර්ග කිහිපයක ධාවනය වන පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.
වර්ජනය හේතුවෙන් බස් රථ 150ක පමණ ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව සඳහන්ය.