ගාසා වැසියන් වෙනුවෙන් වැසුණු සිඩ්නි පාලම

ගාසා වැසියන් වෙනුවෙන් වැසුණු සිඩ්නි පාලම

August 4, 2025   12:54 pm

ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව පලස්තීනයට සහාය දක්වමින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම වසා දැමීමට බලධාරීන්ට සිදු විය.

එහිදී ඔවුන් බලකර සිටියේ ගාසා තීරයේ සාමය උදාකරමින්, ඒ වෙත මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන ලෙසය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ පාගමන ලෙස නම් කළ මේ දැවැන්ත විරෝධතාවට එක්වූවන් වළං ද රැගෙන එක්ව සිටියේ කුසගින්න සිහිකරමිනි.

වැසි මැද පැවති මේ විරෝධතාවට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.