ඔක්කම්පිටිය පොලිස් OIC රිමාන්ඩ්
August 4, 2025 01:17 pm
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළේ ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර පොලීස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවය.
පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා ඇති බවත් ඉන් රුපියල් 47,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළේය.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති බවට අල්ලස් කොමිසම කළ දැනුම්දීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු තවදුරටත් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.