පාකිස්තාන - අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය වසර 2කට කල්යයි

පාකිස්තාන - අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය වසර 2කට කල්යයි

August 3, 2025   03:37 pm

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන - අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය 2027 වසර දක්වා කල් දැමීමට සිදුව තිබේ.

තරග කාලසටහන්වල ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

විස්සයි විස්ස තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අයර්ලන්ත කණ්ඩායමේ පළමු පාකිස්තා තරග සංචාරය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අදාළ සැලසුම් 2024 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.