රුසියාවේ රැෂෙනිනිකොව් ගිනි කන්ද සක්‍රිය වෙයි
August 3, 2025 02:34 pm
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ සක්‍රීය වී තිබේ.
ඒ වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබුණි.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පල කර ඇත.