වසර 38කට පසු අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට
August 2, 2025 07:04 pm
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (02) සමත්විය.
ඒ පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණයේ පැවති කොළඹ වෙස්ලි විදුහලට එරෙහි තරගය ලකුණු 23 -21ක් ලෙස තියුණු සටනකින් අනතුරුව ජයගැනීමත් සමගය.
තරගාවලියේ මේ දක්වා පැවති සියලුම තරග ජයගෙන අපරාජිතව සිටින ත්‍රිත්ව විදුහල, තරගාවලිය අවසන්වීමට සතියක් ඉතිරිව තිබියදී මෙලෙස ශූරතාවට හිමිකම්කීම සුවිශේෂීය.
ත්‍රිත්ව විදුහල උත්සාහක දිණුම් 3ක්, ප්‍රවර්ථනයක්, දඬුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ලකුණු රැස්කළේය.
එමෙන්ම තියුණු සටනක් දුන් වෙස්ලි විදුහල උත්සාහක දිණුම් 3ක් හා ප්‍රවර්ථන 3ක් සාර්ථක කරගැනීමට සමත් විය.
ත්‍රිත්ව විදුහලට මෙලෙස අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියක ශූරතාවට හිමිකම්කීමට හැකිවූයේ වසර 38කට පසුව වේ.