පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ සැලැස්ම සමඟ කැනඩාවත් එක්වෙයි

පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ සැලැස්ම සමඟ කැනඩාවත් එක්වෙයි

July 31, 2025   11:12 am

සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට කැනඩාව සැලසුම් කරන බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවසීය.

අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි තවදුරටත් පවසන ලද්දේ මෑත දිනවල එවැනි නිවේදනයක් නිකුත් කළ තුන්වන G7රට බවට කැනඩාව පත්වන බවයි.

"ගාසා තීරයේ මිනිසුන් දුක් විඳීමේ මට්ටම දරාගත නොහැකි" බව කාර්නි ඊයේ (30) පැවසීය.

එලෙසම ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් එක්සත් රාජධානිය ද සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව අනාරවණය විය.

එක්සත් රාජධානිය එම නිවේදනය සිදු කිරීමෙන් දිනකට පසුව ප්‍රංශය ද ඒ හා සමාන සැලැස්මක් ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.