අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය
July 30, 2025 03:12 pm
දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචි කිරීමටත් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ප්‍රශ්නයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය කිරීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය.
නිරික්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමග ද අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.