රෝහිතගේ දියණිය අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට

රෝහිතගේ දියණිය අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට

July 31, 2025   08:37 am

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද (31) දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඊයේ දිනයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ඇය භාර වී තිබුණි.

එහිදි පැය 9කට අධික කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

 ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය වැඩිදුර විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධන මහත්මිගේ සැමියා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.