හෙට උණුසුම් වන ප්‍රදේශ ගැන නිවේදනයක්
July 29, 2025 04:54 pm
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (29) පස්වරු 04.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ සහ වව්නියා දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.