ඉන්දියාවෙන් පිටුවහල් කළ වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට
July 28, 2025 10:42 pm
සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද මොහු අද (28) පස්වරුවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මෙන්ම මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම වැලිගම සහන් නැමැත්තා බවද මොහු කුලී ඝාතකයෙකු බවත් වාර්තා වේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.