සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

July 27, 2025   11:17 am

නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සදහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවය. 

එමෙන්ම උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සදහන්.