දෙරණ සරුංගල් සැණකෙළියට චීනයේ ත්‍රී වින්ඩ් සරුංගල් කණ්ඩායමත් එක් වෙයි

දෙරණ සරුංගල් සැණකෙළියට චීනයේ ත්‍රී වින්ඩ් සරුංගල් කණ්ඩායමත් එක් වෙයි

July 27, 2025   01:27 pm

දෙරණ - සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා ලොව අංක එකේ ස්ටන්ට් සරුංගල් කණ්ඩායම වන චීනයේ වූහාන් නුවර ත්‍රී වින්ඩ් සරුංගල් කණ්ඩායමද එක් වන බව මේ වන විට නිවේදනය කර තිබේ.

දෙරණ සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 24 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

දෙරණ දායකත්වයෙන් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වරටය.

පසුගිය වසර තුනේම ලෝක ශූරතා ක්‍රීඩා සරුංගල් තරගාවලිය ජයග්‍රහණය කළේද ත්‍රී වින්ඩ් සරුංගල්  කණ්ඩායමය.