ගාල්ලේ විශේෂ මෙහෙයුමක්
July 27, 2025 12:39 pm
ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මහමෝදර ප්‍රදේශයේ බූරු පිටියක් වටලා කාන්තාවන් 13 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (26) සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී ත්‍රීරෝද රථ ද හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත.
එහිදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු සහ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් පිරිසකට නඩු පැවරීමටද කටයුතු කෙරිණි.
නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමේ අරමුණින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් දියත් කර ඇත.