අමෙරිකානු ගුවන් යානයක  ගින්නක්

අමෙරිකානු ගුවන් යානයක ගින්නක්

July 27, 2025   08:58 am

අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබුණි.

මෙහිදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර ඇති අතර, යානයේ සිටි මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

මෙම සිද්ධියෙන් ගුවන් මගීන් 6 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර එක් ගුවන් මගීයෙක් රෝහල් ගත කර අති බව වාර්තා වෙයි.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ, ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයකි.