නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් උකුස්සා නීතියේ රැහැනට හසුකරයි

නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් උකුස්සා නීතියේ රැහැනට හසුකරයි

July 26, 2025   11:40 pm

බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය තවත් විදෙස් රැකියා ඒජන්සියක් නීතියේ රැහැනට හසුකර දීමට "අද දෙරණ" උකුස්සාට හැකි වුණි.

පුද්ගලයින් විදෙස්ගත කරවන බව පවසා ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදන ඒජන්සි සම්බන්ධයෙන් "අද දෙරණ උකුස්සා" අවස්ථා රැසකදී රට හමුවේ අනාවරණ කර තිබේ.

නමුත් කනගාටුවට කරුණ තවමත් එම ජාවාරමට අප රටේ අහිංසක මිනිසුන් රැවටීමයි.

ඒ ආකාරයෙන් බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදන සමාගමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද දෙරණ උකුස්සා එම ස්ථානයට ගියේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශයේ නිලධාරින් පිරිසක් ද සමඟින්ය.

අප එම ස්ථානයට ළඟාවන විටත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පිරිසක් එහි රැඳී සිටි අතර එම ස්ථානයේ බොහෝ කාර්ය බහුල ලෙස වැඩකටයුතු සිදුකෙරන අන්දම නිරීක්ෂණය වුණි.

කෙසේවෙතත් අප අනුමාන කළ පරිදීම එහිදී අනාවරණ වූයේ මෙම ඒජන්සිය පවත්වාගෙන යාම සඳහා මෙම පුද්ගලයාට කිසිදු බලපත්‍රයක් නොමැති බවයි.

ඔහු ජා ඇල ප්‍දේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුගේ නමට තිබූ අත්හිටුවන ලද බලපත්‍රයක් යොදා ගනිමින් මෙම ජාවාරම දිගු කාලයක සිට සිදුකරගෙන ගොස් තිබුණි.

මොහු පෝලන්තය, රුසියාව ආදී රටවල් ආදී රටවල් සඳහා මෙලෙස පුද්ගලයින් විදෙස් ගතකරවන පවසා මුදල් ද විශාල වශයෙන් ලබාගෙන තිබේ.

ඒ අනුව මෙම ව්‍යාජ ඒජන්සිව පවත්වාගෙන ගිය පුද්ගලයින් එහිදී අත්අඩංගුවට පත්වූ අතර තවත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා අද දෙරණ උකුස්සා සීරුවෙනි.