තායි - කාම්බෝජ ගැටුමට සටන් විරාමයක් ගේන්න ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

තායි - කාම්බෝජ ගැටුමට සටන් විරාමයක් ගේන්න ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

July 26, 2025   10:35 pm

තායිලන්තය සහ කාම්බෝජය අතර මතුව ඇති දේශසීමා ගැටුම් සමනය කර සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගෙන තිබේ.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් දෙරටේ අගමැතිවරුන් ඇමතූ බවත් මතුව ඇති ගැටුම් අවසන් කර සාමය සඳහා ඇති වැදගත්කම තමන් ඔවුන් දෙදෙනාට අවධාරණය කළ බවත්ය.

එමෙන්ම දෙපාර්ශ්වය ක්ෂණික සටන් විරාමයක් සහ සාමයක් සොයමින් සිටින බවත් ඔවුන් වහාම සටන් විරාමයක් සඳහා පිවිසෙන්නේ නැතිනම් ඔවුන් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකර නොගන්නා බවටත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර තිබේ.

එමෙන්ම කාම්බෝජයේ අගමැතිවරයා සහ තායිලන්තයේ වැඩබලන අගමැතිවරයා සමග සිදුකළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම සටන් විරාමයක් සඳහා විසඳුම් සොයමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

තවද තායිලන්තය සහ කාම්බෝජය යනු දිගු ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති රටවල් දෙකක් වන බැවින් ඔවුන් ඉදිරි වසර ගණනාවක් සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි සමත් අපේක්ෂා කරනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහන මගින් පෙන්වා දී තිබේ.