පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
July 23, 2025 09:30 am
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
එහි සජීවි විකාශය පහතින් දැක්වේ.
මේ අතර, ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත හෙට (24) දින විවාදයට නොගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත හෙට දින විවාදයට ගැනීමට කලින් තීරණය කර තිබුණි.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි එම විවාදය ඉදිරි දිනක පැවැත් වීමට තීරණය කර ඇති බවය.
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ තාක්ෂණික කාරණා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
අදාළ කටයුතු අවසන් වීමෙන් පසු නැවත ඉදිරි පාර්ලිමේන්තු දිනක දී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේය.
ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව "යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ" පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ඒ වෙනුවට හෙට දින පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්ය.
අදාළ කල්තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට මෙහිදි තීරණය වී තිබේ.