Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

July 23, 2025   03:47 pm

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ.

චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.

එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය.

පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බව ඔහු සඳහන් කළේය.

එම ව්‍යාපෘතිය Yarlung Zangbo ගඟේ සමස්ත ප්‍රදේශයේ ආපදා වැළැක්වීමට ඉවහල් වනු ඇති අතර පහළ ගංගා ප්‍රදේශයට අහිතකර බලපෑමක් එල්ල නොවනු ඇති බවට ඔහු අවධාරණය කරයි.

ජල විද්‍යාත්මක නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් චීනය අදාළ පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ විධිමත් සහයෝගීතාවයක් පවත්වා ඇති බවත්, එම ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සන්නිවේදනය විධිමත් ව සිදුකර ඇති බවත් Guo Jiakun මහතා පෙන්වා දුන්නේය. 

ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා චීනය පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.