චීන පුරවැසියන්ට ඉන්දියාවෙන් යළිත් සංචාරක වීසා
සයුරෙන් එතෙර

චීන පුරවැසියන්ට ඉන්දියාවෙන් යළිත් සංචාරක වීසා

July 23, 2025   04:29 pm

චීන පුරවැසියන් සඳහා ඉන්දියාව හෙට (24) සිට සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 2020 වසරේදී කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සහ 2020 ජුනි මාසයේ ගැල්වාන් ගැටුම නිසා දෙරට අතර සබඳතා තවදුරටත් අඩපණවීම හේතුවෙන් ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.