නාරාහේන්පිට නිවසක ගින්නක් - පුද්ගලයෙක් මරුට

නාරාහේන්පිට නිවසක ගින්නක් - පුද්ගලයෙක් මරුට

July 23, 2025   08:16 am

අද (23) අලුයම් කාලයේ නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්න හටගෙන ඇති නිවසේ පුද්ගලයෙකු ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලබා සිටියදී පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත. 

මරණකරු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනම මත සිටි අයෙකු වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.