පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
July 22, 2025 09:32 am
පාර්ලිමේන්තු සභා වාරය මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.
සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද (22) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත.
හෙට දිනයේ දී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.