උසස් ජාතික ඩිප්ලෝමා දෙකකට NVQ6 සහතිකය පිරිනැමීමට අනුමැතිය

උසස් ජාතික ඩිප්ලෝමා දෙකකට NVQ6 සහතිකය පිරිනැමීමට අනුමැතිය

July 22, 2025   03:06 pm

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්‍රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබේ. 


ඒ ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා බව දැනුම් දී ඇත.

2025 ජූලි 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, ඉහත පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දෙන ලදී.

ඒ අනුව  ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව පාඨමාලා සාර්ථකව නිම කළ අයට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රුපියල් 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්‍යක්ෂ/විදුහල්පති/අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය හැකිය.

ඊට අදාළ චක්‍රලේඛය 2025.07.09 දින සිට ක්‍රියාත්මක කෙරේ.