ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

July 21, 2025   06:36 pm

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතය.