තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
July 15, 2025 01:25 pm
නිවිතිගල - දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ කොළඹගම, නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.