රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
July 15, 2025 07:09 pm
“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද (15) සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබේ.
මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර මෙලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත.
එහිදී,
මොණරාගල දිස්ත්‍රික්කයේ,
මොණරාගල අඩවියේ - ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තර
සියඹලාණ්ඩුව අඩවියේ - අඹත්තාහෙල රජයේ වනාන්තරය
වැල්ලවාය අඩවියේ - කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර
අම්පාර දිස්ත්‍රික්කයේ,
අක්කරපත්තුව අඩවියේ - පාලකුඩා කඩොලාන වනාන්තරය
අම්පාර අඩවියේ - කරංගාව රජයේ වනාන්තරය
මහඔය අඩවියේ - බදුලුගොඩ රජයේ වනාන්තරය
ලාහුගල අඩවියේ - පානම උතුර රජයේ වනාන්තරය
මහනුවර දිස්ත්‍රික්කයේ,
මහනුවර අඩවියේ - රිලාගල සහ රජගල රජයේ වනාන්තර, අද දින සිට නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට අද දින සිට ප්‍රකාශයට පත් කර තිබේ.
නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින් ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙස ද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” නමින් අද දින (15) ආරම්භ විය.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සියලු වන සතුන්ගේ ආහාර සහ ජල අවශ්‍යතා සැපරීමට අදාළ පාරිසරික පද්ධති සුපෝෂණය කිරීම සඳහාත්, ස්වභාවික වනාන්තර ආවරණය පරිසර සේවා පවත්වාගෙන යාමට හැකි වන පරිදි කළමනාකරණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ඉදිරි පියවරක් ලෙසද ජගත් පරිසර දින ආරම්භ වූ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ දිගුවක් ලෙස ද වනස්පති ජාතික වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.
පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී.