විදේශීකයින් ගෙවූ වැට් බද්ද නැවත ගෙවන්න කවුළුවක් විවෘත වෙයි

විදේශීකයින් ගෙවූ වැට් බද්ද නැවත ගෙවන්න කවුළුවක් විවෘත වෙයි

July 5, 2025   04:06 pm

විදේශිකයින්ට ඔවුන් ගෙවූ වැට් බදු නැවත ගෙවීම සඳහා වූ කවුළුවක්   බණ්ඩාරණායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කර තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කවුළුව ඊයේ (04) විවෘත කෙරිණි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත සිදුකළ යෝජනාවක් අනුව මෙය ස්ථාපිත කර ඇත‍.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් විසින් මෙරට තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කළ අගය මත බදු නැවත ලබා දීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා රැඳී සිටින රුපියල් 50,000 ඉක්මවා වැට් බදු ගෙවූ සංචාරකයින්ට තමන් ගෙවූ වැට් බදු මෙම කවුළුව තුළින් ලබා ගත හැකි වේ.

සංචාරකයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් මෙම සේවාව ආරම්භ තිබේ.