ප්‍රදේශ කිහිපයක ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත්
July 5, 2025 05:38 pm
රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අංශ විසින් ඊයේ (04) රාත්‍රියේ සිට මෙම ප්‍රදේශවල අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.
ඒ අනුව අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව "අද දෙරණ" සිදුකළ විමසීමකදි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය දින කිහිපය තුළ රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධින් වාර්තා වූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.
මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ආරක්ෂාව තර කරමින් විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තේය.
මේ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්විය.
මේ අතර ඊයේ රාත්‍රියේ පමණක් සිදුකළ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 300ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ගෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද වාර්තා වේ.
මෑතකදී සිදුවූ සිද්ධීන් කිහිපයකට අමතරව රාගම, කඳාන, වත්තල සහ තදාසන්න ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ අතර පාතාල ක්‍රියාකාරකම් කිහිපයක්ද ඉහළ ගොස් තිබුණි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තමන්ගේ ව්‍යාපාර සිදුකරගෙන යන බවට පොලීසියට මෙන්ම ආරක්ෂක අංශවලටද තොරතුරු වාර්තා විය.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙම මෙහෙයුම් සිදු කෙරේ.