වියලි කාලගුණය හමුවේ ග්‍රීසියේ ලැව්ගිනි පැතීරීම වේගවත් වෙයි

වියලි කාලගුණය හමුවේ ග්‍රීසියේ ලැව්ගිනි පැතීරීම වේගවත් වෙයි

July 5, 2025   06:14 pm

ග්‍රීසියේ එවියා දූපතේ හටගත් ලැව් ගින්න මේ වන විට දරුණු ලෙස ව්‍යාප්තව වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් කඩිනමින් කටයුතු කරමින් පවතින බවය.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 160කට වැඩි පිරිසක් යොදවා ඇති අතර මේ සඳහා ට්‍රක් රථ 46ක් සහ ගුවන් යානා 5ක් ද යොදාවා ඇත.

පසුගිය බදාදා දින මෙම ලැව් ගිනි හටගත් අතර මේ වන විට එරට කෘෂිකාර්මික ඉඩම් රැසක්ද විනාශ වී ඇතැයිද වාර්තා වී තිබේ.

ක්‍රීට් සහ එවියා නම් ප්‍රදේශ ආශ්‍රිතව මෙම ලැව් ගිනි හට ගෙන ඇති අතර සිකුරාදා දිනයේදී එවියා ප්‍රදේශ ආශ්‍රිතව ලැව් ගිනි නිර්මාණය වී තිබේ.

ගින්න ඇතිවන අවස්ථාවේදී තද සුළං සහ වියලි තත්ත්වයක් පැවතීම හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම ඉක්මන් වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇති අතර පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හමුවේ අද දිනයේ ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ග්‍රීක කාලගුණ වාර්තා කර තිබේ.