ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය රුසියාව නිල වශයෙන් පිළිගනී
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය රුසියාව නිල වශයෙන් පිළිගනී

July 4, 2025   01:14 pm

ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගත් ලොව පළමු රට බවට රුසියාව පත්වී තිබේ.

ඒ එරටට ආ පළමු තලෙබාන් තානාපතිවරයා පිළිගනිමිනි.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහ මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය සඳහා ඇෆ්ගනිස්තානයට ආරක්ෂක සහාය ලබාදෙන බවත්, රුසියානු විදෙස් කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණි.

2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ පාලනය සියතට ගැනීමට තලෙබාන් සංවිධානය සමත් වූ නමුත් කිසිදු රාජ්‍යයක් ඔවුන්ව නිල වශයෙන් පිළිගෙන නොතිබුණි.

කෙසේ වෙතත් දැනටමත් චීන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, උස්බෙකිස්තානය සහ පාකිස්තානයේ තානාපතිවරුන් කාබුල් නුවර සේවයේ නිරතවෙයි.