අදත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවයි

අදත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවයි

June 30, 2025   05:59 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (30) දිනයේ තවත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවීම සිදුකර තිබේ.

ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයටත් නාගොඩ ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසිනුත් පිහිටුවනු ලැබීය.

එමෙන්ම වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබල වේගය විසින් පිහිටවු අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට පියවර ගෙන තිබේ.

මේ අතර පළාත් පාලන ආයතනවල පක්ෂ මාරු කරන්නන් හෝ පක්ෂ විනය කඩ කරන්නන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු පියවරක් ගත නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මැතිවරණ පනත් සංශෝධනය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම අදහස් පල කළේය.