කම්කරු නියෝජ්‍ය ඇමති සහ කම්කරු නිලධාරීන් අතර හමුවක්

කම්කරු නියෝජ්‍ය ඇමති සහ කම්කරු නිලධාරීන් අතර හමුවක්

June 30, 2025   02:36 pm

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් නාරහෙන්පිට කම්කරු අමාත්‍යාංශ පරිශයේදී පැවැත්විණි.

මෙහිදී කම්කරු නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

එහිදී මූලික වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබෙන කම්කරු පැමිණිලි භාර ගැනීම, විභාග කිරීම සහ විසඳුම් ලබා දීම ආදි අංශ සම්බන්ධයෙන් පළමුව සාකච්ඡා කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ පැමිණිලි සම්බන්ධ ක්‍රමවේදයේ ගැටලු ගණනාවක් පවතින බවත් එම ගැටලු හේතුවෙන් කම්කරු පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමටද නොහැකි වී ඇති බවය.

ඒ අනුව පැමිණිලි ක්‍රමවේදය සහ පද්ධතිය යාවත්කාලීන කිරීමටත් අදාළ ක්ෂේත්‍ර සඳහා ඩිජිටල්කරණය අදේශ කිරීමටත් මෙහිදී යෝජනා විය.

එමෙන්ම කම්කරු නිලධාරීන්ගේ වැටුප් කේතය නිවැරිදි නොවන බවත් ඔවුන්ගේ සුදුසුකම්වලට අදාළව සුවිශේෂි වැටුප් කේතයක් හඳුන්වා දිය යුතු බවත් ප්‍රකාශ විය.

ඒ සඳහා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් මෙහිදි යොජනා වූ අතර ඊට සමගාමීව කම්කරු නිලධාරීන් දිරි ගැන්වීම හරහා සේවක අර්ථසාධක අරමුදල් කඩිනමින් එකතු කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

මෙම අවස්ථාව සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.