ඊශ්‍රායලයට යන්න ඉන්න අයට වීසා වලංගු කාලය ගැන දැනුම්දීමක්

ඊශ්‍රායලයට යන්න ඉන්න අයට වීසා වලංගු කාලය ගැන දැනුම්දීමක්

June 27, 2025   10:27 pm

මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re - entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස  31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර ඇති බවය.

ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re - entry වීසා මත මෙරටට පැමිණි අයවුල්නට Re - entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වී මේ හැකියාව පවතින බවද අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන ද දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.