ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මරුට
June 24, 2025 01:07 pm
ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා "රාජකාරියේ යෙදී සිටියදී" එසෙල මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් ඉරාන මාධ්‍ය වාර්තා කර නොමැත.
මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බව ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් මහතා පැවසීය.
ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.
මේ අතර ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ තිනෙකෙු මියගොස් තිබේ.
මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.