හම්බන්තොට මහ නගර සභාවේ බලය සජබයට

හම්බන්තොට මහ නගර සභාවේ බලය සජබයට

June 23, 2025   11:09 am

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණි.

හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණි. 

එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැණුනි.